Colombo Today Local News

උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ හෙට (31)දින පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා පෙනී සිටින සිසුන්ට මේ වසරේ සිට අතිරේක පහසුකමක් ලෙස, සාමාන්‍ය ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) භාවිතයට අවසර ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

මෙහිදී භාවිතා කළ හැක්කේ වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම විෂය සදහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන්ට කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වූ අතර එය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන බවත්, ඉදිරි දින කිහිපයේ දී තවත් විෂයන් 13 ක් පැවැත්වීමට නියමිත බවත් සනත් පූජිත මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ද විභාග මද්‍යස්ථාන 638 ක් ක්‍රියාත්මක බව කී කොමසාරිස්වරයා එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසාදීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඔහු පැවසීය.

විභාග අපේක්ෂකයන් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ට ද දැනුම් දී ඇතැයි ද කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

අගමැතිගේ යෝජනාව ජනපති ස්ථීර කරයි.. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday