Colombo Today Local News

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අන්ධ වු සෙබලා රජයෙන් වන්දි ඉල්ලයි

ආබාධිත යුද හමුදා සෙබළුන් පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධවීම වෙනුවෙන් රජයෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ආබාධිත සෙබළෙක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන කම්කානම්ගේ නිශාන්ත මිහිරාජ් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

එය අද (15)දින ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාළ පෙත්සම 2021 වසරේ මැයි මස 4 වන දා විභාගයට ගන්නා බවය.

පෙත්සම ඉදිරිපත් කළ ආබාධිත සෙබළා කියා සිටින්නේ, සිය විශ්‍රාම වැටුප් ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා 2017 වසරේ නොවැම්බර් මස 7 වන දා කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය අවට ආබාධිත සෙබළුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකළ බවය.

එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අත්තනෝමතිකව එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බව පෙත්සම්කරු චෝදනා කරයි.

මේ තුළින් තමා දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පවසන පෙත්සම්කරු එම ක්‍රියාව තුළින් පොලීසිය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර තිබෙන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

colombotoday

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. අගමැතිගෙත් 20ට පොඩි ඈලිමෑලි ගතියක් පේනවා – තුෂාර ඉඳුනිල්

colombotoday

අගමැතිට ඕන විදිහට අපි පූස් පැටව් වගේ ඉන්නෙ නෑ

colombotoday

ගජ මිතුරන්ගේ ණය බොල් ණය ලෙස කපාහැරලා… ආණ්ඩුව රාජ්‍ය බැංකු දෙක මහ දවාලේ මංකොල්ල කනවා…

colombotoday