අබ්දුල් හලීම් සහ කබීර් හෂීම් අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.
ඒ අනුව අබ්දුල් හලීම් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ද, කබීර් හෂීම් මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.