World

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ.

අද (21) දිනයේ අවස්ථා දෙකක දී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇති අතර ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම ඒ ආශ්‍රිතව ගුවන්ගමන් ද තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු අතරට අයත් වන මිරාපි ගිනිකන්ද සක්‍රීයවීමෙන් 2010 වසරේදී පුද්ගලයින් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණි.

Related posts

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයි

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් චීනයේ පළාතක මෝල්ටා උණ පැතිරේ

colombotoday

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

Admin

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday