Colombo Today Local News

ඉන්දීයාවේ සහ මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 123 දෙනෙකු අද (08)දින දහවල් මත්තල ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ.

එම පිරිස දහවල් 2.00 ට පමණ ඉන්දියාවේ විශාඛාපට්නම් ගුවන් තොටුපළේ සිට මත්තලට පැමිණ ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු ද අද සවස පැමිණ තිබේ.

මෙම පිරිස සවස 3.30 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔවුන් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි පිරිසක් බව වාර්තා වේ.

ඔවුන් පසුව පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර තිබේ.

Related posts

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

නීතිවිරෝධි වැලි කැනීම් ඇතුලු ජාවාරම් වලට එරෙහිව දැඩි පියවර

colombotoday

රට වටේ නැගිටින්න හදන සුපර් මුස්ලිම්ලාට ක්‍රිස්තියානි සමාජයෙන් සැර පාරක්!

Admin

අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන්න. සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි

colombotoday

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

ඉරිදා උදේ 10ට දිවුරුම් දෙන්න එන්න – ජනපති රනිල්ට කියයි

colombotoday