Colombo Today Local News

ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර

විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01)දින පස්වරුවේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත්, ප්‍රවාහන අංශ නවීකරණ කටයුතු සම්බන්ධවත් සාකච්ඡා කර තිබේ.

මීට අමතරව දැනට IOC සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි පද්ධතිය සම්බන්ධවද අවධානය යොමු කරනු ලැබීය.

එහිදී අමාත්‍ය මහින්දඅමරවීර මහතා පෙන්වා දෙන ලද්දේ ලෝක වෙලෙඳපළේ ඉන්ධන මිල අවම වී ඇති අවස්ථාවක අතිරේක ඉන්ධන තොග ගබඩා කිරීම සඳහා අමතර ටැංකි පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවයන්ට මුහුණ පා සිටින බවයි.

එම නිසා එම ටැංකි පද්ධතියෙන් කිහිපයක් හෝ ලබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහාය දක්වන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.

ඒ අනුව ඉන්දීය මහකොමසාරිස්වරයා ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවත්, ඉදිරියේ දී මේ සම්බන්ධව නිලධාරි මට්ටමෙන් සාකච්ඡා පවත්වා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව මහකොමසාරිස්වරයා පැවැසූ බව අමාත්‍යවරයා පවසයි.

දැනට එම ටැංකි පද්ධතියේ අයිතිය තිබෙන්නේ ඉන්දීය රජයට නොව ඉන්දීය පුද්ගලික සමාගමක් වන IOC සමාගමට වන බැවින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම අවශ්‍ය වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද අප විදුලිබල සංවර්ධනයේ දී අප රටේ මීලග පියවර වන LNG විදුලි බලාගාර පිහිටුවීමේ දී ඉන්දීයරජයේ පූර්ණ සහයෝගය පළ කිරීමට සූදානම් බව ද මහකොමසාරිස්වරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දක්වන සහයෝගය අතිශයින් කරන බව කී අමාත්‍යවරයා විශේෂයෙන් වව්නියාවේ සිට යාපනය දක්වා ඉදි කරන ලද දුම්රිය මාර්ගය සඳහා ඉන්දීය රජය සහාය දැක්වීම තුළ වර්තමානයේ එම ව්‍යාපෘතිය අතිශය සාර්ථක වී ඇති බව ද පැවසීය.

Related posts

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

14 හැවිරිදි ළමයකු පැදවූ රිය ගුරුවරයා යට කර පලා ගිහින්

colombotoday

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin