Colombo Today Local News

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

incect256සුව කිරීමට අපහසු ඉතා දරුණු ගණයේ ලීස්මනයිසීස් (Leishmaniasis) නමැති සමේ රෝගයක් ලංකාව පුරා පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න මහතා සඳහන් කළේ, මෙම රෝගය මෙරට නැගෙනහිර මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ලැබුණත් රටේ මධ්‍ය ප්‍රදේශවල දක්නට නොලැබුණු බව ය.

මෙම සමේ රෝගය ඉන්දියාවේ බහුලව දැකිය හැකි බවත්, මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ පැතිරෙන බවත් මහාචාර්යවරයා පවසා සිටියේය.

මෙම රෝගය එක්තරා කෘමි විශේෂයකින් බෝවන බවත් සමේ මතුපිට කුෂ්ඨයක් ලෙස ඇති වන අතර එය සුව කිරීම තරමක් කල් ගත වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසී ය.

එය චර්ම රෝගයක් වුවද ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට පවා සමහර අවස්ථාවලදී බලපෑම් කිරීමට සමත් රෝගයකි.

මෙහි රෝග ලක්‍ෂණ වශයෙන් ශරීරයේ සුව නොවන තුවාල, රතු පැහැති ගැටිති යනාදිය ඇතිවුවහොත් වහාම ළඟම සිටින චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම කළ යුතුය.

srilankamirror

Related posts

රාජිතට නිදහස ඉල්ලා කල සත්‍යග්‍රහය

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

colombotoday

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් ගැන සෙවීමට කථානායකගෙන් විශේෂ කමිටුවක්

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

colombotoday