එක්සත් ජාතික පක්ෂය මුළුමණින්ම ප්‍රතිසංවිධානය කිරීමට තමන් සුදානම් බව එජාප නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කරනවා.
එමෙන්ම ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් බව රුවන් විජේවර්ධන සඳහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හුණුපිටිය – ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.