බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන ධර්ම සංඝායනාවක් සිදු කිරිමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සදහන් කළා.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙපානම සිරිධම්මින්ද විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවති පිංකමකදීයි.