Colombo Today Local News

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමට තීරණය කර තිබේ.

රණවිරුවන් වෙත රජයේ ඉඩම් බැහැර කිරීමේ පෙර පැවති ප්‍රතිපත්තිය 2016 ජුලි මස 18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සංශෝධනය කර නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණි.

ඒ හේතුවෙන් ඊට පෙර පැවති ප්‍රතිපත්තිය යටතේ ඉඩම් ලබා දී ඇති ඇතැම් රණවිරුවන් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වන බව ද රජය සඳහන් කරයි.

එබැවින් රණවිරුවන් කාණ්ඩයන් වෙත සහන ලබා දීමේ දී සිදුවී ඇති අසමානතාවන් ඉවත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්‍ද්‍රසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday

මරදාන ශාන්ත ජෝශෆ් විදුහලේ ගින්නක්

colombotoday

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin

නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණයට පියවර

colombotoday