Colombo Today Local News

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පැවරීම සඳහා එම කොමිසමේ කොමසාරිස්වරු ලබාදුන් ලිඛිත අනුමැතිය ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය මාර්තු මස 11 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (06) නියෝග කළාය.

මෙම නඩුව මීට පෙර දිනයක විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී නොමැති නිසා මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව දන්වා තිබුණි. මෙම මූලික විරෝධතාවට අදාළව පැමිණිලි සහ විත්ති පාර්ශව විසින් අධිකරණය හමුවේ ලිඛිත දේශන ද ගොනු කරනු ලැබුහ.

ඒ අනුව අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මාර්තු මස 11 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරිය නියෝග කළාය.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ. එම රුපියල් ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

Related posts

රට පුරා වරින් වර විදුලිය බිද වැටෙයි… නොදන්වාම කප්පාදුවක්…

colombotoday

ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ කිරි ගවයන්ට භයානක ලෙඩ දෙකක්… බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් හෙළිකරයි… මිනිසුන්ටත් බෝවීමේ අවදානමක්…

colombotoday

හෙට සිට අළුත් රූපවාහිනී නාළිකාවක්

colombotoday

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

තමිල්නාඩු මැතිවරණය අත ළගයි.. ඊළම නැවතත් කරළියේ.. ඡන්ද ගරන්න ඊළම ඇමට ගනී !

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin