Colombo Today Local News

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සංචාරයකට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඹ් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රාජ්‍ය ලේකම්වරයා එළැඹෙන 24 දා සිට 30 දා දක්වා ඉන්දු – පැසිෆික් කලාපයේ සංචාරයකට එක්වීමට නියමිත අතර එයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරය සිදුකිරීමට නියමිතය.

මුලින්ම ඔහු ඉන්දියාවට පැමිණිමට නියමිත අතර පසුව ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ඉන් අනතුරුව ඔහු ජපානයට පිටත්වීමට නියමිතව තිබේ.එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2015 වසරේ මැයි මාසයේදී අවසන්වරට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ඇමෙරිකාවේ ඉහළම නිලධාරියෙක් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය මෙය වෙයි.

Related posts

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

colombotoday

දේශීය ⁣කොරෝනා ඔසුව ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි වී නැතැයි චෝදනා.

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

කැලණිය සරසවියේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි..

Admin

‘යහපාලන පාර්ශවයත්‘ අවදිවෙයි.. අස්ගිරි මහා නාහිමියන්ට අභියෝග කරයි.. (Video)

colombotoday