Colombo Today Local News

ඇමරිකාව අපට ඩොලර් මි. 486ක් පිනට දෙනවා… එය අරන් MCC ගිවිසුම අත්සන් කරනවා – මංගලගේ ලේකම්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර රැසක් ජනතාව අතරට ගොස් ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන ඩොලර් මිලියන 480ක ප්‍රදානය (ආසන්න වශයෙන් රුපියල් බිලියන 86) නොලැබුණහොත් ඉන් පාඩු සිදුවන්නේ ඇමෙරිකාවට නොව ශ්‍රී ලංකාවට යැයි ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මහතා පැවැසීය.

දේශපාලනඥයන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් අසත්‍ය, අතාර්කික සහ ද්වේෂසහගත ප්‍රකාශ සිදු කර ඇතැයි ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මේ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මහතා එම කරුණු කීය.

එහිදී අදහස් දැක්වූ සමරතුංග මහතා මෙසේ ද කීවේය.

 “එම්.සී.සී. ගිවිසුම යටතේ අපට ලැබෙන්නේ ණයක් නෙමෙයි ප්‍රදානයක්. ශ්‍රී ලංකාව නැවත ඊට ගෙවීමක් කළ යුතු නැහැ. එය ඇමෙරිකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි. ඒනිසා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා රජය එම මුදල් වියදම් කරන්නේ කෙසේදැයි ඇමෙරිකාවට හොඳ අවබෝධයක් තේරුම් ගැනීමක් තිබිය යුතුයි. ඒ සඳහා මහවැලි සංවර්ධන මණ්ඩලය හෝ ගල්ඔය සංවර්ධන මණ්ඩලය වැනි ආයතනයක් පිහිටුවා ව්‍යාපෘතියට අදාළ මුදල් වියදම් කරන ආකාරය කළමනාකරණය කළ යුතුයි. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අපි එය කළ යුතු අතරම ගිවිසුමෙන් ද ඒ සඳහා ඉඩ සලසා දී තිබෙනවා.

Related posts

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday

දෙමල ජාතික සන්ධානයෙන් රජයට ඉල්ලීම් 5 ක්. ඉටු නොකලොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරයි

colombotoday

යහපාලන ආණ්‌ඩුව මේ වන විට හිමිවරුන් 48 නමක්‌ අත්අඩංගුවට අරන්!

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි

Admin

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

colombotoday