Colombo Today Local News

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

buddha460x276

මීගමුවේ සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක් තුළ “බුද්ධ බාර්” සාදයක් සංවිධානය කර ඇති බව Colombotoday වෙත වාර්තා වනවා. අද රාත්‍රියේ මෙම සාදය පැවැත්වීමට සූදානම් වන බවද එම ආරංචි මාර්ග පවසනවා. පසුගිය දිනක මැජික් බෙහෙත් පෙත්තක් අධිමාත්‍රාවෙන් ගෙන රති කෙළියේ යෙදෙන්නට ගොස් වැඩේ ජෝන් බාස්ට ගිය එක්තරා මහළු ඇමතිවරයෙකුගේ අනුග්‍රහයෙන් මෙම සාදය පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මීට වසර කිහිපයකට පෙර වාද්දූව ප්‍රදේශයේ හෝටලයකද මෙම “බුද්ධ බාර්” සාදයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ බෞද්ධ සංවිධාන මැදිහත් වී එම සාදය නවතා දමනු ලැබුවා. එම සාදය සදහා බුදුන් වහන්සේගේ පිළිරුව යොදාගෙන තිබුණු අතර මෙනු පත නම් කර තිබුණේ නිර්වාණය නමින්. මෙවැනි වර්ගයේ සාද ඇතැම් විදේශීය රටවල ප්‍රචලිතව ඇති අතර බෞද්ධ රටක් තුළ එවැනි දේවල්වලට සිදු කිරීම ‍බුද්ධාගමටත්, මුළුමහත් බෞද්ධ ජනතාවටම කරන නින්දාවක්.

Related posts

මුරපලේ සිටි පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

Admin

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday

යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරට

colombotoday