Colombo Today Local News

‘ආවා’ කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! නිවාස සහ වාහනවලට හානි!

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලිය විසින් ඊයේ (19 දා) උදෑසන යාපනයේ කොකුවිල් කරුවාප්පුලම් ප‍්‍රදේශයේ නිවාස දෙකකට එල්ල කළ පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයකින් එම නිවාස දෙකට හා වාහන තුනකට අලාභ හානි සිදුව තිබේ.

මෙම ප‍්‍රහාරයෙන් නිවෙස් දෙකේම ජනෙල් හා දොරවල්වලට අලාභ හානි සිදුව ඇති අතර එක් නිවසක ඉදිරිපස නවතා තිබූ වෑන් රථයකට හා යතුරුපැදියකට ද අනෙක් නිවසේ තිබූ යතුරු පැදියටකද හානි සිදුව තිබේ.

බෝම්බ ප‍්‍රහාරය නිසා එම වාහන ගිනි ගෙන දැවී ගොස් ඇති අතර මෙම බෝම්බ ප‍්‍රහාරය සඳහා යතුරුපැදිවලින් අට දෙනෙකු පැමිණ ඇති බවට කොකුවිල් පොලිසියට තොරතුර ලැබී ඇත.

මෙම ප‍්‍රහාරයෙන් එක් නිවසක කොටසක් ගිනිගත් අවස්ථාවේදී යාපනයේ ගිනි නිවන ඒකකයේ පිරිසක් පැමිණ එම ගින්න නිවා දමා තිබේ. යාපනයේ කොකුවිල් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

පසුගිය දා රූපවාහිනි නාළිකා දෙකක සජීවී වැඩසටහන් සඳහා සම්බන්ධ වූ ආවා කල්ලියේ සාමාජිකයකු ලෙස හඳුන්වා ගත් අරුන් සිද්ධාර්ථන් ප්‍රකාශ කළේ ආවා නමින් කල්ලියක් උතුරේ නැති බවත් එය ඇතැම් දේශපාලකයන්ගේ නිර්මාණයක් බවය.

Related posts

දුම්රියේ හොරට ගියොත් දඩය ඩබල් වෙයි

colombotoday

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාවගේ විරෝධය

colombotoday

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

colombotoday

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

පොලිසිය පල්ලියට එන්න සිද්දකලේ ඔබේ ආගමේ අන්තවදියෝ 8 දෙනෙක්. හිස්බුල්ලාට සහ අසාද් සාලිට දුමින්ද පිළිතුරු දෙයි

colombotoday