ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
ග්ලයිෆොසෙට් තහනම් කළේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව බවද උන්වහන්සේ පවසති.
තමන් වහන්සේට ඒකාබද්ධ විපක්ෂය සමග තිබෙන්නේ ප්රතිපත්තිමය ගැටලුවක් බවත් තහනම ඉවත් කරයි නම් ආණ්ඩුව පෙරළා දැමීමේ ඒකාබද්ධ විපක්ෂ පෙරහරට එක්වෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.