7 April 2025
Colombo Today Local News

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

ආණ්ඩුව පාලනය කරන්නේ පිරිමිත් නොවන ගැහැනුත් නොවන පිරිසක් බව ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කල්ලියේ හිටපු ඇමැති ටී.බී. ඒකනායක පවසයි.

හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ හිටපු නියෝජ්‍ය ඇමැති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ මාතලේ තැන්න කාර්යාල පරිශ්‍රයේදී පැවැති ජන හමුවකදීය. ඒකනායක මහතා මෙසේද කීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වෙලා දින දෙකක් ගියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රිපාල මහතා චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේදී මහින්ද – මෛත්‍රි පැය භාගයක් කාමරේක තනියෙන්ම කතා කළා. ඒ කතා කරලා ඇවිත් මහින්ද රාජපක්ෂ මහතා කීවා ශ්‍රී ලනිපයේ සභාපති තනතුර මෛත්‍රිට දෙන්න තීරණය කළා කියලා. ශ්‍රී ලනිපයේ සාමාජිකයෙක් ජනාධිපති වුණා. ඒ සාමාජිකයා පක්ෂයේ සභාපති වෙන බව ව්‍යවස්ථාවෙ තිබෙනවා. ඒ වෙනකොට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලනිප සාමාජිකත්වය අයින් කරලා තිබුණේ. ඒත් මහින්ද රාජපක්ෂ මහතා ඒහි භික්ෂුභාවයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට සාමාජිකත්වය දුන්නා. මෛත්‍රිපාල සිරිසේන මහතා භාරගත්තා. මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතා අපි හැමෝටම කීවා බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් තියෙන්නේ මේ නිසා මාත් සමඟ ආණ්ඩුවේ වගකීම් අරගෙන පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න කීවා. අපි තනතුරු භාර ගෙන වැඩ කර ගෙන ගියා. අපි තනතුරු ඉල්ලා ගෙන ගියේ නැහැ. ගිය මැතිවරණයේදී ලක්ෂ්මන් මාතලෙන් වැඩිම ඡන්ද ගත්තා. මම කුරුණෑගලින් මහින්දට පස්සේ වැඩිම ඡන්ද ගත්තා. අපි නිකම් ආව අය නෙවෙයි. මේ ආකාරයෙන් ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරු ආණ්ඩුවේ ඇමැති තනතුරු අරගෙන කටයුතු කළා. මේ අවුරුදු 3 ගියාට පස්සෙත් ආණ්ඩුවට යන්න බැරි බව දැක්කා. මල්වතු නායක හාමුදුරුවොත් කීවා එජාපයේ ප්‍රතිපත්තිත් ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්තිත් ගැළපෙන්නේ නැහැ කියලා.

බැඳුම්කර සිද්ධියේ වංචාකාරයෝ ලංකාවෙත් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් රට යනකොට රනිල් කීව එයා යන්නේ සිංගප්පූරුවේ මඟුල් ගෙදරක කියලා. ඊට පස්සේ කියනවා එයා ඉන්න තැනක්වත් දන්නේ නැහැ කියලා. ඔන්න නායකයො කතා කරන හැටි. පසුගිය මැතිවරණයෙන් පසුව චෙක්පත් පිළිබඳ කාරණා හෙළිදරව් වුණා. පාර්ලිමේන්තුවේ දැන් මේවා ගැන විවාද යනවා. පාර්ලිමේන්තුව දැන් ඇලෝසියස්ගෙ පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා. වැඩියෙන්ම ‍ෙදාස් කියන්නේ අලියට ඡන්ද දුන්නු අය. මේ ආණ්ඩුව ගෙදර යවන්න තියෙනවා. ඒකට මූලික නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මහතා යන යන තැන ජනතාවට කම්පාවක් තියෙනවා රට නිදහස් කරගත්ත නායකයා ගෙදර යැව්වා කියලා. 16 දෙනා පෙරමුණක් හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒ ශක්තිය යළි ගොඩනඟනවා.

Related posts

බලලෝභී නායකයන් ගෙදර ගිහින් ශ්‍රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි.

colombotoday

මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙස නම් කර බලපත්‍රය ලබා දීමට අගමැති මහින්දගෙන් උපදෙස්

colombotoday

ගාල්ලේ පාසල් 23 දක්වා වැසෙයි

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

colombotoday

ජනාධිපතිවරයා ඉවත් කිරීමට විපක්ෂය පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක… පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday