Colombo Today Local News

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

අද වන විට ආණ්ඩුව අදුරදර්ශී ලෙස සහ ජනවරමේ ආධ්‍යාත්මයට හානි වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

19 සංශෝධනය යහපත් දේ ඉතුරු කර අයහපත් දේ ඉවත් කළා නම් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මේ ප්‍රශ්ණ ඇති නොවන බවද ඔහු පවසයි.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන් ද විරෝධතා මතු වී ඇතැයි ද ඔහු පැවසීය.

හදිසි පනත් සම්මත කිරීමට අවස්ථාව ලබා ගැනීම, රාජ්‍ය සමාගම විගණනය ඉවත් කිරීම, ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දරා වීමේ අයිතිය ලබාදීම ආදී කරුණු හේතුවෙන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් ගැටළු ඇතැයි ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සංශෝධන නිවැරදි කර ඇතුළත් කරන බවට පොරොන්දු වී ඇති බවත් පැවසූ ඔහු එම පොරොන්දු කඩ කරනවාදැයි බලා සිටින බවද කියා සිටියේය.

වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිව්රුම් දෙයි

colombotoday

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ යෝජනාව කතානායකට භාර දෙයි

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

අපිට ජාත්‍යන්තර සහය තියනවා,චීනෙන් නොමිලේ පාසල් ඇදුම් දුන්නා

Admin

තවත් තරුණියක් අතුරුදන්

Admin

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday