Colombo Today Local News

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්න – මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බැවින් ඔවුන් සිවුදෙනා ලබන 18 වැනිදා තෙක් තාවකාලිකව නිවාඩු ගන්වන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ වළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සහ නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල්ද සිල්වා යන මහත්වරුන්ට මෙසේ ලබන 18 වැනිදා තෙක් නිවාඩු දෙන්නැයි මහින්ද දේශප්‍රිය මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.

මෙම ආණ්ඩුකාරවරුන් සිවු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් එහි සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තාවේ.

මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා එම ආණ්ඩුකාරවරුන් සිවු දෙනාට ද මීට පෙර මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Related posts

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

යාපනයෙන් කොළඹ ආ සැප බස් රිය අළු වෙයි

Admin

රාජ්‍ය අනුග්‍රහයෙන් අස්ගිරි මහානාහිමියන්ට මඩ ගැසූ භික්ෂුවට කළකම් පල දේ..!

colombotoday

උද්දමනය පහලට

Admin

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 7649ක් පීඩාවට

colombotoday

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday