Colombo Today Local News

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

ආගමික කටයුතු සඳහා ජනතාව සහභාගිකරවා ගැනීමේ දී පුද්ගලයින් 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් සහභාගිකරවා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් එළඹෙන පුර පසළොස්වක පොහොය දිනයේ දී මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණා‍ප්‍රේම මහතා පවසා සිටියේ, නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ස්ථානවල ආගමික කටයුතු වෙන දා මෙන් සිදුකළ නොහැකි බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය පාලිත කරුණා‍ප්‍රේම මහතා,

“මේ දවස්වල අපිට පෝය යෙදිලා තියෙනවා. ඒත් සමග ආගමික කටයුතු මේ දිනවල වැඩී. විශේෂයෙන්ම අපි කාරුණිකව ඉල්ලන්නේ, මෙවැනි තත්ත්වයක් යටතේ, විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ඇති තැන්වල අපිට ආගමික කටයුතු වෙනදා වගේ සිදුකරන්න හැකියාවක් නෑ. ඒ වගේම බස්නාහිර පළාතෙන් එපිට නිරෝධායන ඇඳිරි නීතිය නැති තැන්වල දී වුණත්, මේ ආගමික කටයුතු කරද්දි, ඉතාම සීමා සහිත සංඛ්‍යාවක්, නිර්දේශ අනුව 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් එකතු කරගෙන ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කටයුතු ඉතාම කුඩා මට්ටමින් කරගෙන යන්න කියලා. මොකද ඒක ඉතාම වැදගත් රෝගය පැතිරීම වැළක්වා ගැනීමට. අපි සියලු දෙනාටම මේක වැදගත්. අනෙක් කාරණය තමයි මේ අස්ථාවේ දී වැඩිම අවධානමක් තියෙන්නේ වයස අවුරුදු 60ට වැඩි වයසක උදවිය හා දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, වකුගඩු රෝග තියෙන කණ්ඩායම. මෙහිදී වැදගත් වන දේ තමයි ඔවුන් නිසි ආකාරයෙන් තමන්ගේ ඖෂධ පාවිච්චි කිරීම වැදගත්. මේ වැනි වැඩිහිටියන් නිවසේම රැඳී සිටිම අතිශය වැදගත් වෙනවා.“

Related posts

මාලිමාව වැඩේ ඇනගත්තොත් දුවන්න පාරවල් හොයන්න වෙයි

Admin

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday

වත්තල පල්ලියවත්තේදී කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෝ දෙකක් අල්ලයි

colombotoday

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

colombotoday

සෝමාවතී වනෝද්‍යානයත් අන්තවාදී මකර කටේ.. අක්කර තුන්දාහක් දැනටමත් වනසලා !

colombotoday