Colombo Today Local News

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 483කට හානි සිදුව ඇති බවය.

කුරුණැගල, රත්නපුර, කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම තද සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග රැසක් ද අවහිර වී ඇති බව ඒ මහතා වැඩිදුරයත් පවසයි.

Related posts

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

හඹා ගිහින් වෙඩි තැබූ මාරයාට ව්‍යාපාරිකයා බිලි ගන්න බැරි වෙයි

Admin