Uncategorized

අයවැයට ඡන්දය දෙනවාද නැද්ද? තීරණාත්මක සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැය සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.


අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.


ඉන් පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.


එම සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ.


මේ අතර මත්කුඩුවලට එරෙහිව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල පරාජය කරවීමට අවශ්‍ය මන්ත‍්‍රීවරුන් එතුමාගේ වැය ශීර්ෂය පරාජය කරවන බවට ප‍්‍රකාශ සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා චෝදනා කළේ.

Related posts

මෙවර උසස් පෙළ ප්‍රතිඵල වල වෙනසක්…

colombotoday

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin

සජිත් ජනපති වුනත් වෙනසක් නෑ, අගමැති මමමයි !

colombotoday

එක්දින පිලේ නායකත්වය පොඩි සනාට. නවක පිලක් සංචිතයට

colombotoday

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday