World

අමෙරිකාව හරහා හමා යන ‘ලෝරා’ සුළි කුණාටුව 04 වන කාණ්ඩය දක්වා වර්ධනය වෙයි

අමෙරිකා එක්සත් ජනපදය හරහා හමා යමින් පවතින ලෝරා සුළි කුණාටුව 04 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි. ඔවුන් එම සුළි කුණාටුව හඳුන්වා ඇත්තේ විනාශකාරී මට්ටමේ සුළි කුණාටුවක් ලෙසයි.

ලෝරා සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 233 ක වේගයකින් ටෙක්සාස් සහ ලූසියානා ප‍්‍රාන්ත හරහා හමා යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ඒ හේතුවෙන් ටෙක්සාස් ප‍්‍රාන්තයේ පදිංචිකරුවන් හාරලක්ෂ 20,000 කට සහ ලූසියානා ප‍්‍රාන්තයේ පදිංචිකරුවන් ලක්ෂ 02 කට අනිවාර්යයෙන් සහ කඩිනමින් ඉවත් වන ලෙසයි ප‍්‍රාන්ත බලධාරීන් දැනුම් දී ඇත්තේ.

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂා වීම සඳහා එම පුද්ගලයින් එකිනෙකා අතර දුරස්ථභාවය රඳවාගනිමින් බස් රථවලින් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් කැරිබියන් දූපත්වල නිවාස රැසක් විනාශ වී ඇති අතර මියගොස් ඇති පුද්ගලයින් ගණන 24 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා කරයි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

සුළි කුණාටුවකට හසුවී ඉන්දියාවේ විශාල පාරුවක් මුහුදේ ගිලෙයි – 90ක් අතුරුදන්

colombotoday

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday

ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කරයි

colombotoday

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin