Uncategorized

අමාත්‍යාංශවලට, රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගෙන්වීම තහනම් – ජනපති නියෝග කරයි !

ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදුකර වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිතය.

මේ වනතෙක් රාජය සතු වාහන කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

– lankadeepa

Related posts

ධර්මදේශනාවලදී දේශපාලනය කතා කිරීමට මැකොගෙන් තහංචියක් !

colombotoday

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

රාජිතගේ කොළපාට පෝස්ටරය මැ.කො. නවත්වයි

colombotoday

ඉන්ධන නෑ,විදුලිය නෑ,සල්ලි නෑ, අරගලයෙන් පසු බංගලාදේශයේ තත්වය මෙන්න

Admin

සජිත් ජනපති වුනත් වෙනසක් නෑ, අගමැති මමමයි !

colombotoday