Colombo Today Local News

අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි – කොකේන් හිස් කොපු හමුවේ – සොහොයුරෙකු අත්අඩංගුවට

ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.

Related posts

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

ආපදාවන්ට ලක්වූ පාසල් රැසක් අද සිට යළි විවෘතයි

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

colombotoday

විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපනයට යෝජිත කෙටුම්පත විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි

Admin

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

colombotoday