තවදුරටත් විධායකය ශක්තිමත් කල යුතු බව මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමි විසින් අද (13) සඳහන් කර සිටියා.
අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ ලේකම් හිමිවරු විසින් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී දැක්වු කරුණු කිසිදු සාකච්ඡාවකින් තොරව සිදුකල ප්‍රකාශයක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
මේ අතර රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.