Colombo Today Local News

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

ලෝකයේ රටවල් ගණනාවක ඩොලරය ශක්තිමත් වී, එම රටවල මුදල් බාල්දු වී ගොස් තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) ප්‍රකාශ කළේය.

ඩොලරය ශක්තිමත් වී රුපියල බාල්දු වීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොව, එය ඉන්දියාවට හා පාකිස්තානයටද එක ලෙස බලපා ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙනවාට සාපේක්ෂ්ව ඩොලරයට ගෙවන රුපියල් ගණන වැඩි වීම නිසා තෙල් මිල වැඩිවී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය. අද වනවිට ඩොලරයේ අගය රුපියල් 167.14 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු කීවේය.

“තෙල් මිල වැඩි වීම ගැන අමාත්‍යාංශය මොකද කරන්නේ කියලා මෙතුමා අහනවා. ලෝකයේම ඩොලරය ශක්තිමත් වෙලා අනෙක් මුදල් සියල්ලම බාල්දු වෙලා තියෙනවා. ඉන්දියාවටත් පාකිස්තානයටත් මේක වෙලා තියෙනවා. ලෝකයේ රටවල් ගණනාවක බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. රුපියල් 2000කින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා තව ටික දවසකින් මෙතුමා කියයි. එතකන් ලෝකයේ තියෙන මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනෑ.

විශේෂයෙන්ම එදා මෙයාලා තෙල් මිල අඩුවට තිබෙද්දිත් වැඩි මිලට තෙල් විකුණලා ලොකු ලාභයක් ගත්තා. අද එහෙම නැහැ. අද ලෝක වෙළෙඳපොළේ පවතින මිලටම තමයි දෙන්නේ. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වුණොත් වැඩි වෙනවා. අඩු වුණොත් ඒ වාසිය දෙනවා කියලා තමයි අපි කිව්වේ.”

Related posts

කැබ් රථයක් බසයක ගැටී 5ක් රෝහලේ..

Admin

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday