Colombo Today Local News

අනුරාධපුර ඉවන්ජලිකල් යාච්ඤා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව නැමති ඉවන්ජලිකල් ක්‍රිස්තියානි කණ්ඩායමක් විසින් අනුරාධපුර පවත්වාගෙන යන යාච්ඤා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව කොටි හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

ඉකුත් ඉරිදා තරුණ පිරිසක් විසින් අනුරාධපුර නගරයට කිලෝමීටර් 11 ක් පමණ දුරින් පිහිටි කූඹිච්චන්කුලම් යාච්ඤා මධ්‍යස්ථානයට පහර දී ඇති බව මෙතෝදිස්ත නැමැති සභාවේ ප්‍රධානියා සඳහන් කර තිබේ.

කූඹිච්චන්කුලම් යාච්ඤා මධ්‍යස්ථානයට කිහිප වතාවක් ප්‍රහාර එල්ලවූ බව, පාස්ටර් වරයෙක් ලෙස හඳුන්වන දිනුක ප්‍රියශාන් සිල්වා සඳහන් කර ඇති අතර එම ප්‍රහාරය සඳහා 25 දෙනකුගෙන් පමණ යුත් තරුණ කැලක් පැමිණි බවද ඔහු සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් සැක කෙරෙන හය දෙනකුට 17 බදාදා අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රකාශකයකු එම වෙබ් අඩවිය සිදුකළ විමසීමකදී සඳහන් කර ඇත.

සාම්ප්‍රධායික බෞද්ධ ගම්මානවලට කඩා වැදී, දුප්පත් ජනතාවට මුදල් ලබා දී සදාචාර විරෝධී අන්‍යගමිකරණය සිදුකරණ මෙවැනි ඉවන්ජලිකල් කණ්ඩායම් හේතුවෙන් දීර්ග කාලයක් තිස්සේ ආගමික සහජීවනයට බාදා එල්ලවී ඇත.

Related posts

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැහැ | පළවූ වාර්තා අසත්‍යයක්

colombotoday

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

13 ක්‍රියාත්මක කරන්න… මෝදී මහින්දගේ මුහුණටම කියයි

colombotoday

තලතා වෙනුවට කරුණා දිවුරුම් දෙයි

Admin

අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයි

Admin