Colombo Today Local News

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මහමග කොරෝනා වෛරසය ආසාධිත වී මියගොස් ඇති බවට ඡායාරූප සමඟ අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයකු අද (14)දින කඩුගන්නාව හේන වල එගොඩවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු 35 හැවිරිදි ගරාජ් හිමියෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන පනත යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අසත්‍ය ආකාරයේ ප්‍රවෘත්තියක් පළකිරීම මගින් නිරෝධායන ක්‍රියාවලියට බාධා පැමිණවීම, ජනතාව අතර අනිසි බියක් ඇති කිරීම සහ ඒ තුළින් නිරෝධායන ක්‍රියාවලිය අපගමනයට ලක්කිරීම යන චෝදනා යටතේ මේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 4 දෙනෙක් පිළිබඳව මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර එම පුද්ගලයන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි.

Related posts

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

colombotoday

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

රාජිත ඇප මත නිදහස්

colombotoday

වනවාසලදී රු. මිලියන 20 කට අධික මුදලක් හා පිස්තෝලයක් සමග අයෙක් STF භාරයට.

colombotoday

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday