Colombo Today Local News

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

මෙරට පුද්ගලයින් ලක්ෂ 05 කට අධික පිරිසකට ජාතික හැදුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා.

එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

අදාළ පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතා සිය අනන්‍යතාව සැඟවීමේ අරමුණින් ජාතික හැදුනුම්පත ඇතැම් අවස්ථාවල ඉදිරිපත් නොකරන බවයි එම කේන්ද්‍රයේ අධ්‍යනයකින් හෙලිවි ඇත්තේ.

මීට අමතරව විවිධ හේතු මත ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 04 ක පමණ පුද්ගලයින් පිරිසක් සිටින බවයි එහිදි ඇය සඳහන් කළේ.

මුලික ලියකියවිලි සම්පාදනය කරගත නොහැකිවීම, ස්ථිර ලිපිනයන් නොමැතිවීම, හැදුනුම්පත අස්ථානගතවීම ආදී විවිධ හේතු ද ඒ අතර වනවා.

එම පිරිස අතරින් සියයට 87 ක පමණ ප්‍රමාණයක් වතුකරය සහ ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත්වන බවයි සමීක්ෂණයකදි හෙළිවි ඇත්තේ.

මැතිවරණවලදි හැදුනුම්පත් නොමැති පිරිස් වෙත තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම හේතුවෙන් අදාළ පිරිස ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවටද අනාවරණ වි ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ.

Related posts

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

අද සිට 12 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Admin

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday