Colombo Today Local News

අති විශේෂ ගැසට් නිවේදනයකින් ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආරක්ෂක අමාත්‍යාංශයට අලුතින් විෂයන් සහ කාර්යයන් කිහිපයක් පවරා දෙමින් ජනාධිපති ගො​්ඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන. ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පැවැති මිලෝදා ආයතනයද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

ඊට අමතරව අඩු ආදායම්ලාභී සහ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත ජනතාවගේ නිපුණතාවන් ඉහළ නංවා ඔවුන් රට සංවර්ධනය කිරීමේ බහුජන කාර්යයන් සඳහා යොදා ගැනීම ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යයන් යටතට ජනාධිපති ගෝඨාභය විසින් පවරා තිබේ.

එමෙන්ම රසායනික අවි වැඩි දියුණු කිරීම, නිපදවීම, රැස් කිරීම සහ භාවිතා කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

සන්නද්ධ මණ්ඩලවල සාමාජිකයන්ට නිවාස ඉදිකිරීම සඳහා මූල්‍යමය සහාය ලබා දීම, ආධාර ලබාදීම, සන්නද්ධ සේවා සාමාජිකයන් විසින් මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට හා එකී ණය ගෙවීමට ආධාර ලබා දීමද ආරක්ෂක ඇමැතිවරයාගේ විෂය යටතට පවරා ඇත.

පොලිස් නිලධාරීන්ගේ සහ වෙනත් නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරින්ගේ වෘත්තීමය දැනුම හා නිපුණතා දියුණු කිරීම මෙන්ම ත්‍රිවිධ හමුදා හා සිවිල් නිලධාරීන්ට ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යාපනයක් ලබා දීමට මේ යටතට අයත්ය.

මීට අමතරව බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික ආරක්ෂාව අපි වෙනුවෙන් අපි අරමුදල, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබේ.

Related posts

ඥානසාර හිමි සිරගත කල ආණ්ඩුවට උත්තර දෙන්න ජනතාව බලාගෙන ඉන්නවා

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

colombotoday

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

colombotoday

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday

“අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව.. විනිශ්චයකාරවරු බය කරන්න වරප්‍රසාද කමිටුවට ගෙන්නුවා”

Admin