Colombo Today Local News

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදුකළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ සඳහා වු ක්‍රමවේදය අද (02) දිනය තුළ සකස් කර අවසන් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

“මාර්තු සිට මැයි, ජූනි දක්වා වු කාලයේ දී එම ක්‍රමවේදය සකස් වුණා. ඒ ගැන එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතිකය ලබා ගත්තට පස්සේ, පොලීසියේ අවසරය ලබා දෙනවා. ඒ ප්‍රදේශයේ අදාළ ඩිලිවරි සේවා පවත්වාගෙන යෑමට. විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ ඖෂධ, ආහාර, එළවළු හා මාළු වැනි අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමට අදාළ ක්‍රමවේදය අද සකස් වෙනවා. පෙර පරිදිම තමයි. ඒ අය යම් ව්‍යාපාරයක නිරතවෙන අය බවට ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් මගින් සනාථ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලියාපදිංචි ව්‍යාපාරයක් වෙන්න ඕනේ. ඒවගේ අයට ඒ සඳහා අවසර ලබාදීමට තීරණය කරලා තියෙනවා.“

තොග වෙළෙඳුන්ට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉඩ ලැබෙනවා ද?

“ආහාර, එළවළු, සත්ව නිෂ්පාදන හා බිත්තර වැනි දේවල්වලට ඒ ප්‍රදේශවලින් තොග වශයෙන් ගෙන්න අයට යම් දුරකට එන්න කිසිදු බාධාවක් නෑ. ඒ සඳහා බලපත්‍ර නිකුත් කරනවා. මාර්ග බාධකවලටත් අපි දැනුම් දෙනවා. තොග වශයෙන් එහෙම එන්න පුළුවන් කළුතර හෝ කොළඹ හෝ තෝරාගත් තැනක. ධීවර අයටත් එහෙමයි. අපි පොලිස් මුලස්ථානය නිකුත් කරා පෙරේදා විශේෂ නිවේදනයක් මත්ස්‍ය අත්වැන්න ලබා ගෙන ඕනෑම ධීවර වරායකට එන අයට ඒවා අලෙවි කිරීමට හෝ ගබඩා කිරීමට සම්පූර්ණ පහසුකම් සලසන්න කියලා. එක්කෙනෙක්ට දෙන්නෙක්ට බස්නාහිර පළාතට එන්න බෑ. නමුත් ලොරියක් වශයෙන් තොග ගේනවා නම් ඒවට බස්නාහිරට ඇතුළු වෙන්න අවස්ථාව සලසවා තියෙනවා.“

Related posts

කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා – කටුනායක කම්හල් දෙකක තවත් 60කට වෛරසය ආසාදනය වෙයි

colombotoday

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

බූස්ස බන්ධනාගාර රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලෙන් මත්පෙති මතු වෙයි

colombotoday

ප්‍රභාකරන් මැරුවේ මගේ බළකායෙනුයි.. එදා මේව කීවනම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා

colombotoday

ලංකාවේ ඉදිවන අවසන් විශාලතම ජල විදුලි බලාගාරයේ වැඩ කඩිනම් කරන්න ඇමතිගෙන් උපදෙස්.

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

colombotoday