එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට පත්වීමට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව ඒ අවස්ථාව විකාශනය කිරීමටද ඔහු කටයුතු කලේය. යට ඇදුමින් සිටින දර්ශන කිහිපයක් ද ඔහු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කළේ මෙසේය.