හෘද
රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක
ප්‍රතිකාර නේවාසික ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද
(14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත.
සුදු
වෑන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලැබ
සිටියදි සේනාරත්න මහතා හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් නාරාහේන්පිට
පෞද්ගලික රෝහලක ඇතුළත් ව සිටියේය.
එම රෝහලේ දින 18 ආසන්න කලෙයක් ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න මහතා අද අලුයම 12.30 පමණ මෝටර් රථයක නැගී සිය නිවස බලා පිටත්ව ගියේය