Colombo Today Local News

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

අඩු තරමෙ මංගලටවත්….

කෙනෙක් ගෙ මගුල් ගෙදරක් ගැන අපිට විවේචනය කරන්න අයිතියක් නෑ…

ඊයේ මංජුල මොරගහ මල්ලි බැන්දා අපේ කලා ලෝකේ හිතවතා…

මම ඒ නිසා රෝහිත මල්ලිගෙ මංගල උත්සවයට ගියේ නෑ..

මංජුල අපේ කලා ලොව ඉන්න සුන්දරම මලයෙක්…

දේශපාලනිකව හිතන්නෙ නෑ පුද්ගලික ගමන්..

ඒ තමා මම..

ඒත් හදවතින් මහින්ද ජනපති පුතාට සුබ පතුව… මංජුලගෙ මගුල් ගෙදර ගියා…

මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
ඒත්…

මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.

ඇත්ත නොකියා මට ඉන්නත් බෑ….

ඒ නිසා මේ සටහන ලියනවා… තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.

කීදෙනෙක් හිරේ ගියාද…
ගුටි කෑවද….
රස්සා නැති කරගත්තද….
අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්…..

මහින්ද හුලගේ දර දිය ඇද්ද… ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්….

ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න….
මහින්ද මහත්තයට අනේක අපහාස කරපු…
හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු

මංගලල මෙතන නොහිටියනම් හොදයි…

එහෙමනම් චන්ද්‍රිකා , සරත් ෆොන්සේකා වැනි අයත් ඉන්න තිබ්බනෙ…

අගමැති මගුල් ගෙදරකට එන එක වරදක් නෑ..

ඒත් මේ අගමැති නේද මේ රට දෙකට කඩන්න යන්නෙ…

රාජපක්ෂ වරුන්ට ජම්පර් ගස්සන්න යන්නේ…

අපේ ආර්තිකේට මරු පහර දීල බැන්කුව ට සුද්දෙ දැම්මේ…..

හෙට t.n.a පරයන්ට උන්ට ඕනෙ දේ කරන්න දෙන්න යන්නේ…

ඒව සටන් පාට විතරද……

දැක්කම මරා ගන්න ඕනෙ නෑ….

ඒත්….. අගමැති නැති උනානම් අඩුවක්ද…ඒ ලස්සන මගුල් ගෙදර …

මංගල නැත්‍තම් අඩුවක් ද…..

මේක සමහරු හිතනව… කියන් නෑ….

අපිට පුද්ගලිකව හිරේ දාන කතා නොකිව්වට,
අපහාස අවලාද නොකරට…

අනික් කලා කරුවො අපි වෙන වෙන දේශපාලන මත ඇතිව අදටත්… යාලුවො.

ඒත් රන්ජන් රාමනායක කියන පැරනිම හිතවත් කම මට එපා උනේ

මහින්ද මහත්තයට හොරා හොරා කියල බොරුවට නටපු දා…

නාමල් උඩුගම අපේ එකාව අපහසුතාවයට පත් කල දා…

මම රංජන්ගෙ යාලුකම ඉවර කලා…

ඒත් පුද්ගලික ව අපි වචනයක් වත් හිත රිද්දල නෑ හිතල….

ඒත් මම රන්ජන් තරහයි…

ඒක හෙටත් එහෙමයි…

හෙට දින පාටලී, රාජිත, රාජිත පුතා, චන්ද්‍රිකා , ෆොන්සේකා , අනුර කුමාර, මෙසේ අපේ කදවුරටද එන්න බැරි නැත…..

“දේශපලනයේ සාදා කල් හතුරො නෑ “
කියන අවස්තා වාදී කතාව විකුනල…
එම නිසා යලි යලිත් කියන් නේ…..

අපිත් මේ පාඩම ඉගෙන ගත යුතුවේ..

මංගල අපිට වරදක් කරල තියෙනවද…..
අගමැති අපිට වරදක් කරල තියෙනවද…

දේශපලනයේ සදා කාලික හතුරන් නැත කියන
පැතිමාරුව්ට පැනිලි වලට ශක්තියක් දෙන වචනය 
මම පිලිගන් නේ නැත….

දැක්කම මරා නොගත්තත්….
මූන වත් නොබලා ඉන්න ,අත හරින්න
ඇතැම් අයව මම නම් තීරනය කලා පොඩි මිනිහෙක් විදිහට…

ඒ තීරනය මම නම් වෙනස් නොකරමි…

දැන් මේක් කිව්වම වෙන නම් වලින් ඉන්න ගොබිලො නටන්න එපා… ආ දැන්ද තේරුනේ, අපි නම් දන්නව කියල…

මම ලිව්වෙ මගෙ හිතට ආපු ඇත්ත…

මගෙ හිත නිදහස්…

නව යුවලට නැවතත් සුබ පතනව..
මට යන්න බැරි උනාට.

දේශපාලනයේ සදා කාලික හතුරො මට නම් ඇත….
අපේ කදවුරේ අය සමහරු අකමැතියි මෙහෙම කියනවට…

ඔබේ අදහස මොකක් උනත් මන් ඒකට ගරු කරනවා…

මේ මම.

-මදු මාදව අරවින්ද-

Related posts

මාලිගාවත්තේ මියගිය අයට උසස් ස්වර්ගය හිමි විය යුතුයි. තුවාලකරුවන් වහාම සුවය ලැබිය යුතුයි. අල්ලාහ්ගෙන් අයැද උලමා සභාවෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

සජිත් ජනාධිපති වූ පසු පිල් මාරු කල සැමට වැඩ වැරදෙයි

Admin

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

මහජන මන්ත‍්‍රණ සභාවට ගිය ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයින්ට එරෙහිව විනය පරීක්ෂන !

colombotoday

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday