Colombo Today Local News

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ දෙවන දිනටත් විරෝධයේ

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ඊයේ(23)දින සවස ආරම්භ කරන ලද විරෝධතාවය අද (24)දෙවන දිනයටත් ක්‍රියාත්මක කරමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ වන විට රැඳවියන් 15 දෙනෙකු ඒ සහ සී යන සිරමැදිරිවල වහලවල් මතට නැඟ සිටින බව බන්ධනාගාර තොරතුරුවලින් කියැවේ.

ඊයේ දිනයේදී අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක යෙදී සිට ඇති අතර පසුව බන්ධනාගාර නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර ලබා ගත් බව පැවසේ. ඉන් අනතුරුව ඊයේ සවස 5.00 ට පමණ රැදවියන් පිරිසක් සිර මැදිරි වල වහලවල් මතට නැඟ විරෝධය පළ කරමින් තිබේ.

කොවිඩ් ආසාධිත සිරකරුවන් අගුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළට ගෙන ඒමේ සූදානමක් ඇති බවත් ඊට විරෝධය පළ කරමින් සිරකරුවන් විසින් මෙම විරෝධය ආරම්භ කළ බවත් බන්ධනාගාර තොරතුරු වලින් පැවසේ.

ඊයේ රාත්‍රී කාලයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරය අවට අමතර පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබේ.

Related posts

කොරෝනා මළ සිරුරු වැළලුවොත් ජීවත්වන අයට අවසාන විනිශ්චය ලැබේවි

colombotoday

බුරවි සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි

colombotoday

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

colombotoday

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති

colombotoday