හෙට 25 සිදුවීමට නියමිත බව කියන කැබිනට් ඇමති සංශෝධනයේදී හිටපු අමාත්‍ය, ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාටද අමාත්‍ය ධුරයක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි පැවසේ.
ඉකුත් සතියේ දිනකදී විජයදාස රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදුව ඇති බවද සදහන් වේ.
විජයදාස රාජපක්ෂ මහතා මීට පෙර වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරය දැරූ අතර කැබිනට් සාමුහිකත්වය කඩ කළේ යැයි චෝදනා කරමින් එජාප යෙන් එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ ඒ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.