Colombo Today Local News

මඩකලපු කම්කරු උසාවියේ විනිසුරු මොහොමඩ් ශියාන් අත්අඩංගුවට – අවුරුදු ගණනාවක් රියදුරුගේ වැටුප් හොරාට අරගෙන

රිය අනතුරක් සිදු කිරීම සම්බන්දව මඩකලපු කම්කරු උසාවියේ විනිසුරු මොහොමඩ් ශියාන් අද (31) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

රජය මගින් රියදුරෙකු සඳහා අවශ්‍ය ගෙවීම් ඔහු වෙත ලබා දෙන නමුත් රියදුරෙකු බාවිතා නොකර රජයෙ මුදල් තමාගේ සාක්කුවේ දමාගෙන කාලයක සිට ඔහුම රිය පැදවීම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එරාවුර් ශාන්තිවේලි ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර ඇති අතර විනිසුරු මොහොමඩ් ශියාන් මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000ක ඇප මත මුදා හැර තිබෙනවා.

එරාවුර් පොලිසියේ රාජකාරි කරන මුස්ලිම් ජාතික නිලධාරීන් සිද්ධිය සැගවීමට උත්සහ කල බවට අනතුරින් තුවාල ලැබූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටින අතර විනිසුරු මොහොමඩ් ශියාන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන බවට පවසා රියදුරු අසුනේ වාඩිවන ලෙස පවසු බවයි අනතුර සිදුවූ ස්ථානයේ සිටි පිරිස් ප්‍රකාශ කර සිටින්නේ.

විනිසුරු මොහොමඩ් ශියාන් මඩකලපු කම්කරු උසාවියේ වසර 15ක් පමණ රාජකාරි කරන බවට මේ වන විට වාර්තා වෙන අතර විනිසුරුවරයෙකු එක දිගට එකම අධිකරණයේ රාජකාරී කරන්නේ කෙසේදැයි යන ගැටලුව මේ වනවිට පැන නැගී ඇත. .

Related posts

“අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.” ඇමති රවී කරුණානායක

colombotoday

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin