Colombo Today Local News

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

මන්නාරමේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයට අයත් නිශ්පාදන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට අදාල නාම පුවරුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් ඇතිවිණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විවෘත කළ එම නාම පුවරුවේ සිංහල නාමය දෙමළ නාමයට පහතින් සදහන් කර තිබුණු අතර, විවිධ පුද්ගලයන් එ් පිළිබදව විවේචනාත්මක අදහස් පලකරමින් කියා තිබුණේ මෙලෙස සිංහල භාෂාව දෙවැනි තැනට දැමූ නාම පුවරුවක් විවෘත කරන විමල් වීරවංශ මහතා පසුගිය ආණ්ඩු සමයේ විවෘත කෙරුණු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නාම පුවරුවේ සිංහල භාෂාව දෙවැනි තැනට සදහන්වීම දේශපාලන වේදිකාවේ දැඩිව විවේචනය කළබවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් එම නාම පුවරුව නිවැරදි කිරීමට උපදෙස් දී ඇති අතර, ඒ අනුව අදාල නාම පුවරුවේ සිංහල භාෂාව මුලින්ද, දමිළ භාෂාව දෙවනියටද සටහන් කර නැවත සවිකර ඇති. ඒ පිළිබදව විමල් වීරවංශ අමාත්‍යවරයා සිය ෆෙස්බුක් පිටුවේ මෙසේ සදහන් කර ඇත

Related posts

ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවති

Admin

කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 7ක් නාකොටික් දැලේ

Admin

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

colombotoday

නිධානයකින් ගත් මැණික් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට.

colombotoday

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday