Colombo Today Local News

රටේ අවධානය පොර්ට් සිටියට යද්දී කෝමාරිකා වගාවට විල්පත්තුවේ අමුණක් සැදීමේ පිඹුරුපත් සැකසේ.

පසුගිය සමයේදී රටේ මහත් ආන්දෝලනයට පත්වූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 1500 ක් යොදා ගනිමින් සිදු කෙරෙන ‘කෝමාරිකා’ වගා කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හොර රහසේම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී බව පවසන මෙම ව්‍යාපෘතිය සඳහා ජලය ලබාගැනීමට විල්පත්තු මහ වන මැදින් ගලා බසින ගංගාවක් හරස්කර ප්‍රේරක කලාපය තුළ වේල්ලක් බැඳීමට යෝජනා වී තිබු අතර රටේ අවධානය වෙනතකට යොමුව ඇති මේ මොහොතේ ඊට අදාළ කටයුතු සෙමින් සෙමින් ආරම්භ කිරීමට ආයෝජකයා කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ වසර ආරම්භ වන විටත්, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයක් යොදා ගනිමින් සිදු කරනු ලබන ඉහත කී ‘කෝමාරිකා’ ව්‍යාපෘතිය සඳහා පරිසර ඇගයීම් වාර්තාවක් ලබාගෙන තිබුනේ නැත.

එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඉතා උනන්දුවකින් ආයෝජකයා සමග කටයුතු කරමින් සිටියි.

කිසියම් භූමියක හෙක්ටයාරයකට වැඩි වනාන්තරය, වනාන්තර නොවන කාර්යයක් සඳහා යොදාගන්නේ නම් ජාතික පාරිසරික පනතේ 23 (අ) සහ (ආ) වගන්ති අනුව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් තිබිය යුතු වුවද මෙම ව්‍යාපෘතියට අවශ්‍ය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා ගෙන නොමැත.

එමෙන්ම ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් පමණ කලාපයක් තුළ (ප්‍රේරක කලාපය තුළ) යම්කිසි ව්‍යාපෘතියක් සිදු කරන්නේ නම්, එම භූමියේ ප්‍රමාණය නොසලකා, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 9 (අ) වගන්තිය යටතේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් පිළියෙළ කොට ඊට අනුමැතිය ලබා ගත යුතුය. එම පරිසර වාර්තාව සඳහා මහජන අදහස් ඉදිරිපත් කිරීමට දින තිහක (30) කාලයක් ලබා දිය යුතුව තිබේ.

Related posts

හොදම ගුවන්සේවා 10 අතර වැජඹුනු “ශ්‍රීලංකන්” අද තත්වය.. මගීන්ට කිඹුලා බනිස් (Photo)

colombotoday

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

මුලතිව් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ කොටි මුහුණු මතුවෙයි

colombotoday

විගණකාධිපතිගේ වැඩ ආණ්ඩුවේ හොද නමට කැළලක්ලු.. ඉවත් කරන්න නැවතත් කැරැළ්ලක් !

colombotoday

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

colombotoday