නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරන බව ජනාධිපති සමාව ලැබුණු මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි සඳහන් කර සිටිනවා.
2010 ජනාධිපතිවරණ සමයේදී ටී – 56 ගිනි අවි දෙකක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව යටතේ ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කෙරුණේ 2020 වසරේ ජුනි 01 වනදාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවී ඇති බලතල ප්‍රකාරව විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් ඊයේ (15) දින පිටව යන ලදි.