Colombo Today Local News

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගෙන ප්‍රධාන පෙළේ සමාගම්වලට බඩඉරිඟු වගාව සඳහා ලබාදීමට ගෙන ඇති පියවර, වහාම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට අද රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය.
වනජීවී අමාත්‍යවරයා, පරිසර අමාත්‍යංශ ලේකම්වරයා, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම්කර තිබේ.

තම ජනතාව , වසර සිය දහස් ගණනක් තිස්සේ පරිහරණය කරමින් ජීවනෝපාය මාර්ග සකසා ගත් වනාන්තර වලින් අක්කර පන් දහසකට අධික ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරා ගෙන මහ පරිමාණයෙන් බඩඉරිඟු වගා කිරීමට ලබාදීම මගින් සිය ජීවනෝපායමාර්ග අහිමි වන බවත්, ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.

පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ, එම බිම් කොටස් ලබාගත් සමාගම් රඹකැන් ඔයට ජලය සපයන ඇළ මාර්ග නීතිවිරෝධී අන්දමින් ගොඩකර වසා දමා ඇති බවත්, එමගින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවයි.

එබැවින් වහාම එම ක්‍රියාවන් වළක්වන රීට් ආඥාවක් වගඋත්තකරුවන්ට නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

colombotoday

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

Admin

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

colombotoday