Colombo Today Local Newsextremism & terrorism activities

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව තම සම්පුර්ණ සහයෝගය ලබා දෙන බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි ඇති විහිළුසහගත කාරණයනම්, උලමා සංවිධානය වෙනුවෙන් නිවේදනය නිකුත් කර ඇත්තේ එම සංවිධානයේ වැඩබලන මහ ලේකම් තාසිම් මව්ලවි නැමැත්තායි. දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ මරාගෙන මැරුණු අබ්දුල් ජමීල් ඔහුගේ සහෝදරයෙකුගේ පුතෙකි.

උලමා සංවිධානය නිකුත්කළ සම්පුර්ණ නිවේදනය.


2019 අප්‍රේල් මස 21වන පාස්කු ඉරිදා අහිංසක බැතිමතුන් හා අනෙකුත් පිරිස මත සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම්වලට ලක්වුවන් එම ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් නීතිය ඉදිරියට ගෙන එන මෙන් ඉල්ලා සිදු කරන ඉල්ලීම වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය පුර්ණ සහය ප්‍රකාශ කර සිටියි. මෙම ප්‍රහාරය නිසා හානියට ලක් වු සියලු ජාතීන් වෙනුවෙන් අප සභාව තම හෘදයාංගම කණගාටුව පළ කරයි.

මෙම ප්‍රහාර මාලාව නිසා වසර ගණනාවක් තිස්සේ මෙරට සියලුම සහෝදර ජනතාව සමග සුහදව වාසය කරමින් සිටින ලාංකික මුස්ලිම් ජනයා වන අප ඉමහත් අසීරුතාවයකට පත් වු අතර එක්තරා අන්දමකින් හුදෙකලා කරනු ලැබුවෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස, මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය, අයිතිවාසිකම් හා අනන්‍යතාවය ප්‍රශ්නාර්ථයක් වූ අතර බොහෝ අහිමිවීම්වලටද මුස්ලිම් සමාජය මුහුණදූන්නේය.

මෙසේ තිබියදී, නියම අපරාධකරුවන්ව නීතියේ ග්‍රහණයට පත් නොකර බලපෑමට ලක්වුවන්ට සාධාරණය ඉෂ්ඨ නොකර සිටීම අප සභාවට දැඩි සංවේගයක් ඇති කර තිබේ. එමනිසා, අගරදගුරු කාඩිනල් මැල්කම් රන්ජිත් පියතුමා සහ බලපෑමට ලක්වුවන්ගේ ඉල්ලීම්වලට සියලුම දෙනා පුර්ණ සහයෝගය ලබා දිය යුතු යැයි ඉල්ලා සිටිමු.

2019 ජුලි 21 ක් වන දින ප්‍රහාරයේ එක් ඉලක්කයක් වු කටුවාපිටිය ශාන්ත සෙබස්ටියන් දේවස්ථානයේ දේශනාවක් පැවැත්වු අගරදගුරු මැල්කම් රන්ජිත් පියතුමන් අවධාරණය කළීමෙම ප්‍රහාර මාලාව මග වරදවා ගත් ඇතැම් තරුණයන්ව යොදා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක අවශ්‍යතාවයන් සපූරා ගැනීමට මෙහෙය වූවාවූ සැලැස්මක්‘ යන කාරණාව මතක් කර දීමට කැමැත්තෙමු.

බලපෑමට ලක්වුවන්ගේ හද ගැස්මට අප අතිශය සංවේදි වන අතර නියම අපරාධකරුවන් සොයා ගැනීමට සිදු කෙරෙමින් පවතින පියවර සඳහා සියලුම ලාංකිකයන් සහය දිය යුතු යැයිද බලපෑමට ලක් වුවන්ට අවම වශයෙන් හානිපූර්ණ ලබා දීම මගින් හෝ ඔවුන්ගේ සංවේගය හා දුක අඩු කිරීමට රජය පියවර ගත යුතු යැයිද අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

අෂ් ෂේක් එම්.එස්.එම්. තාසිම්
වැඩබලන මහ ලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related posts

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

Admin

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

colombotoday