Colombo Today Local News

තරුණයාගේ අත කැඩුවාට ලක්ෂයක් වන්දි ගෙවන්න පොලීසියට නියෝග

තරුණයාගේ අත කැඩුවාට ලක්ෂයක් වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව රු. 50,000/- බැගින් තරුණයාට ගෙවිය යුතු යැයි එම පොලිස් කණ්ඩායමේ සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක අමරසිංහ යන දෙදෙනාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එකී නියෝග නිකුත් කළේ අනුරාධපුර මහවලුකුලම පදිංචි ලලන්ත අනුරාධ නන්දසේන නමැති අය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි.

බුවනෙක අළුවිහාරේ, මූර්දු ප්‍රනාන්දු, එස්. එස්. තුරෙයිරාජා සහ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග විය.

පෙත්සමේ සඳහන් අන්දමට මෙම පහරදීම සිදුව ඇත්තේ 2013 සැප්තැම්බර් 25 දායි. 2 හා 3 යන වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පෙත්සම්කරුට පහර දී ඇත. එසේ පහරදීම නිසා පෙත්සම්කරුගේ දකුණු උරහිස කැඩී ඔහු සිහිසුන් වී ඇත. ඔහුට පියවි සිහිය ලැබෙන විට ඔහු ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට ගෙන ගොස් සිටි බව දැනගන්නට ලැබී තිබේ.

ඊට පසුදින නැවතත් තරුණයා ජීප් රථයට නංවාගෙන ටික දුරක් ගෙන ගොස් පිස්තෝලයක් පෙන්වා පහරදීම ගැන කිසිවකුට හෝ පැමිණිලි කළහොත් මරා දමන බවට තර්ජනය කර පසුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවා ඇත.

පෙත්සම් විභාගයේදී පොලිසිය කියා සිටියේ රන් භාණ්ඩ සොරකමක් ගැන ප්‍රශ්න කිරීම සඳහා තරුණයා අත්අඩංගුවට ගත් බවයි. තරුණයාට පහර නොදුන් බවත් ඔහු ජීප් රථයෙන් පලා යාමට තැත් කිරීමේදී තුවාල සිදුවූ බවත් කියා සිටියේය.

පොලිසිය විසින් කරනු ලබන අමානුෂික පහරදීම් වැළැක්වීමට උපදෙස් මාලාවක් සහ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති නමුත් ඒ සඳහා පියවර ගත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයට මෙතෙක් වාර්තා කර නැති බවත් නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.

Related posts

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday

“විජේදාස ඉවත් කළෙත්, රවීට ලොතරැයි මණ්ඩලය දුන්නෙත් එජාපය හා නායක රනිල් කියූ නිසයි” – ජනපති

colombotoday

ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ

colombotoday

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

පළාත් මට්ටමින් පෙළපාලි ගණනාවක උද්ඝෝෂකයින් අද ලිප්ටන් වටරවුමට

colombotoday

ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරලා

colombotoday