Colombo Today Local News

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව එම පක්ෂයේ ඉහල තනතුරු වල බලය අත්පත් කර ගැනීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම මේවනවිට රහසිගත මෙහෙයුමක් ආරම්භකර ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ශ්‍රීලනිපයේ මහ ලේකම් ධුරය එස්.බී. දිසානායක මහතාට ලබා ගැනීම සඳහා දැනටමත් මෙහෙයුමක් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික වන එස්.බී. දිසානායක මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පක්ෂයේ සභාපතිනියවී සිටි සමයේ පක්ෂයේ අභ්‍යන්තරයේ පැවති ඡන්දයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්වූ අයෙකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පෙරමුණ ගත් අවස්ථාවේදී ඔහු සමග එක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේවනවිට ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස කටයුතු කරයි.

Srilankamirror

Related posts

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

කතුන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැරි සෞඛ්‍යය සේවකයෙකු අත්අඩංගුවට

Admin

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

colombotoday

සමන්කුලමේ විහාර බිමක බලහත්කාරයෙන් කෝවිලක් හදයි.. පරික්ෂාවට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදී එළවයි…

colombotoday

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කරයි

colombotoday