මීට ටික වේලාවකට පෙර අවසන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර ගනු ලැබ තිබේ.
මේ අතර පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව මෙතෙක් පැවති පක්ෂයේ නිලධාරී මණ්ඩලය ද විසුරුවා හැර තිබෙන බවද සදහන් වේ.
අද උදෑසන පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පිරිසක් ද සහභාගී වූහ.