සිවිල් ආරක්ෂක බළකාගේ ලුතිනන් කර්නල් රන්තප්‍රිය බන්දු මහතා එම සේවයෙන් ඉවත්ව යද්දී එම ප්‍රදේශයේ ජනතාව ඔහුට උපහාර දැක්වීම හෙළා දකින බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.
ඊයේ (11දා) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි ඔහු කියා සිටියේ කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදුකරන ලද උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කරන ලද ද්රොහීකමක් බවයි. හිටපු කොටි සාමාජිකයන් එලෙස හැසීරීම සිදු නොවිය යුත්තක් බවත් ඔහු කියා සිටී.
එමෙන්ම එම ක්‍රියාව තුළින් උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බවට වන මතය උතුරේ
ජනතාව තුළ ස්ථාපිත වීමක් සිදුවන බවත් වැඩිදුරටත් හෙතෙම පැවසීය.