Colombo Today Local News

සජිත් ප්‍රේමදාස ජනාධිපති වී සිටියානම් ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවැනි නොවන බව ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති වී සිටියානම් මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවැනි නොවන කොවිඩ් ආසාධිතයින් වාර්තාවන රටක් බවට පත්වන බවත් ඒ මහතා හට මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම වගේම කොවිඩ මර්ධනය පිළිබඳවත් අවබෝධයක් නොමැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂද්‍ර මූල්‍යා ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

මේ දිනවල සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය විසින් සිදු කරන ප්‍රකාශ වලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා අද (27) අප කළ විමසීමේදී එසේ කීය,
එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය,

“අද වන විට මෙරට දවසකට පී.සී ආර් පරික්ෂණ පහළොස් දහසකට (15,000) කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනවා. ජනතාවත් වගකීමෙන් මේ මොහොතේ වැඩ කටයුතු කළ යුතුයි. මේ වන විට මෙරටත් කොවිඩ් තුන්වන තත්ත්වයක් ඇති වී තිබෙනවා. එයද නිවැරිදිව පාලනය කරන්න ඕන සියලු පියවර නොමසුලුව අපි ජනතාවට වගකිව හැකි රජයක් ලෙස ගන්නවා.

මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්නේ බොරදියෙන් මාළු බෑමයි. ගිය සැරේ කිව්වා කොවිඩ් නිසා ඡන්දෙ තියන්න එපා කියලා. මේ සැරේ තව එකක් කියනවා.ඒකෙන්ම පේනවා කිසිම අරමුණක් නැතිව ගමන් කරන පුද්ගලයින් කියලා මේ අය. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයට මේ කොවිඩ් මර්ධනය පිළිබද අවබෝධයක් නෑහැ. මැතිවරණ තියලා ජයග්‍රහණය කරන්න අවබෝධයක් නෑහැ.

බලන්න තිබ්බා එයා ජනාධිපතිවෙලා හිටියනම් අද වෙද්දි අපේ රට ඉන්දියාවට දෙවැනි නොවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ලක්ෂ තුන හතර දවසට රෝගින් වෙන දහස් ගනම් මිය යන රටක් බවට පත් වෙනවා බලන්න තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියනම්. මේ රටේ ජනතාවගේ වාසනාවට තමයි ජනාධිපති කරන්න ජනතාව තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ”

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ නිල කාලය දිර්ඝ කරයි

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin