යාපනය නාගවිහාරාධිපති අදාහන උළෙලට එරෙහිව ඉල්ලූ අධිකරණ තහනමින් පෙනී යන්නේ දෙමළ අන්තවාදීන්ගේ ඇති දුෂ්ඨ විසකුරු බවේ තරමයි.
වසර 40කට ආසන්න කාලයක් යාපනයේ නාගවිහාරයේ වැඩ වාසය කළ නාගවිහාරාධිපති අපවත්වී වදාළ මීගහජදුරේ ඥානරතන නාහිමියන්ගේ ආදාහන උත්සවය යාපනය කොටුවේ ජනාකීර්ණ ස්ථානයක පැවැත්වීමෙන් පරිසර දුෂණය මෙන්ම ජනතාව පීඩාවට පත්වන බව සඳහන් කරමින් එය වළක්වාලමින් තහනම් නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලා යාපනයේ සිවිල් කි‍්‍රයාකාරිකයන් 12දෙනෙකු පසුගිය 22වන දින යාපනයේ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. මේ අවස්ථාවේ දී යාපනය පොලීසියේ නිලධාරින් මැදිහත් වී පැය දෙකකට ආසන්න කාලයක් කරුණු දැක්වීමෙන් පසුව මහේස්ත‍්‍රාත්වරයා එම තහනම් නියෝගය ඉල්ලා ඇති පෙත්සම ප‍්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධව පළමුව යාපනය පොලීසියේ නිලධාරින්ටත්, මහේස්ත‍්‍රාත් සදිස්වරන් මහතාටත් ස්තුතිපූර්වක ගෞරවය පුදකර සිටිමු.
දෙවනුව සිංහල බෞද්ධ ජනතාව හා ශාසන භාරධාරී බෞද්ධ භික්ෂූන් වහන්සේලා තේරුම් කොට සිහි එළවා ගත යුතු කරුණ නම් දෙමළ අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ ඇති දුෂ්ටකමේ හා විසකුරුකමේ තරම තේරුම් ගැනීමයි.
තෙවනුව යාපනයේ දෙමළ සමාජය පමණක් නොව සමස්ත ලාංකීය දෙමළ ජනතාව හා හින්දු භක්තිකයින් ලැජ්ජාවෙන් ලැජ්ජාවට පත්විය යුතුය. හින්දු ආගමත් බෞද්ධ ආගමත් අතර ඇති බැඳීම හා සංස්කෘතික නෑකම ගැන දෙසමින් ආගමික සහජීවනය ගැන කතා කරන ආගම් වලට ගරු කරන්නැයි උදේ සිට ? වනතුරු දෙසුම් පවත්වන වැඩසටහන් සංවිධානය කරන මහත්වරුන්ගේ නිරුවත හෙළිවී ඇතිවා පමණක් නොව ඔවුන්ගේ ව්‍යාජත්වය ද හෙළිදරව් වී ඇත.
මේ පිළිබඳව දෙමළ දේශපාලන නායකයින් සංහිඳියා සහ සහජීවන ඇමතිවරුන් සාමය, සහජීවනය ගැන රූපවාහිනි නාලිකා වල පාඩම් කියා දෙන සිවිල් සංවිධාන වල කි‍්‍රයාකාරිකයින් හා පුරවැසි නායකයින්ගෙත් දේශපාලන නායකයින්ගෙත් නිහඩතාවයෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? මෙම කි‍්‍රයාව හෙළා දැකීමට ඔවුන් කිසිවකුත් ඉදිරිපත්වූයේ නැත. සංහිඳියා ඇමතිවරයා ලැජ්ජාවට පත්විය යුතුය. වසර 40කට ආසන්න කාලයක් නාගවිහාරාධිපති හිමියන් යාපනයේ වැඩසිටියේය. එය බෞද්ධ උරුමය රැකගැනීම සඳහා පමණක් නොවේ. බෞද්ධ හින්දු සහෝදරත්වය, සිංහල දෙමළ සමගිය නෑකම සංකේතවත් කරමින් දෙමළ ජනතාවගේ සුභ සිද්ධියට දායකවෙමිනි.
දෙමළ අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ බෙදුම්වාදීන්ගේ තර්ජන, ගර්ජන හා එල්.ටී.ටී.ඊ.ත‍්‍රස්තවාදීන්ගේ මරණීය තර්ජන මැද උන්වහන්සේ තම ජාතික ශාසනික හා මහජන සේවය ඉටු කළේය. උන්වහන්සේගේ ආදාහන උත්සවයට එරෙහිව තහනම් නියෝග ඉල්ලීමට මූලිකත්වය ගත්තේ EPRLF නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර හා ටෙලෝ සංවිධානයේ නායක අලෙයි කඩනාදන්. එහි ලේකම් ශී‍්‍රකාන්තන් හා දෙමළ කොංග‍්‍රසයේ ගජේන්ද්‍ර පොන්නම්බලම්ය. තහනම් නියෝගය ලබා ගැනීමට අධිකරණය ඉදිරියට ගියේ ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ යාපනය නගරාධිපති අපේක්ෂක නීතිඥ මනිවන්නන්ය. ටෙලෝ සංවිධානයේ නායක සභාරත්නම් ඇතු`ඵ දහස් ගණනක් පැය 48ක් තුළ මහපාරට ගෙනවිත් භාගෙට මරා එල්.ටී.ටී.ඊ. විසින් ටයර් දමා පු`ඵස්සද්දී මහජන පීඩාව හා පරිසර දුෂණය ගැන කථා නොකළ අධිකරණ නියෝග නොපැතු එම අන්තවාදීන් එදා ආරක්ෂාව පතා කොළඹට පළා ආවේය.
කොළඹ දී ඔවුන්ට රැකවරණය ලැබුණේ දකුණේ සිංහල වාමාංශික දේශපාලන කණ්ඩායම් වලින් හා ආරක්ෂක හමුදාවෙනි. කොළඹ දීද, ඔවුන් එකිනෙකා මරා ගැණිනි. අප ද එහිදී එල්.ටී.ටී.ඊ. විරෝධී කණ්ඩායම් වලට සහය දුන්නෙමු. කොළඹ දී එල්.ටී.ටී.ඊ.ය අතින් මැරුම් කෑ එල්.ටී.ටී.ඊ. විරෝධි කණ්ඩායම් වල මළ සිරුරු වලට අපි කර ගැසුවෙමි.
ටෙලෝ නායක සභාරත්නම්ගේ සමරු උළෙලවල් හා පෝස්ටර් ව්‍යාපාර කොළඹ දී පැවත්විණි. ඒවාට දකුණේ කවුරුවත් තහනම් නියෝග ගත්තේ නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු අද යාපනයේ දේශපාලනය කරන කණ්ඩායම් එදා යාපනයේ නොසිටිය ද, එල්.ටී.ටී.ඊ.තර්ජන ඉදිරියේ නාගවිහාරාධිපති හිමියන් සියලු අභියෝග මැද එහි වැඩසිටිමින් තම වගකීම ඉටු කළේය. යාපනයේ තම නිජ භූමීය යැයි කිවූ ප්ලොට්, ටෙලෝ, EPRLF, EPDP, ENDLF ඊරෝස් නායකයින්ට එදා යාපනයේ වැළලීමටවත් එල්.ටී.ටී.ඊ. ඉඩ නොතැබුවේය. තම නිජභූමීය යැයි කියා පිළිගත් යාපනයේ වැළලීමට තම සාමාජිකයින්ගේ මළකඳන් ගෞරවනීය ලෙස පිච්චීමට අයිතිය ඉල්ලා උසාවි නියෝග ලබා ගැනීමට කටයුතු කළේ නැත. එහෙත් එල්.ටී.ටී.ඊ. තර්ජන මැද වසර 40ක් යාපනයේ වැඩ සිටි අපවත් වී වදාළ මීගහජදුරේ ඥානරතන නාහිමියන්ගේ ආදාහනෝත්සවයේ දී මේ අන්තවාදීන් තහනම් නියෝග ඉල්ලූවේය. මොවුන්ගේ විසකුරු බව හා දුෂ්ඨභාවයේ තරම කොතරම් ද?
දෙමළ දේශපාලන නායකයන් වූ චෙල්වනායගම්ගේ හා අමිර්තලිංගම්ගේ අවමංගල්‍ය ආදාහනෝත්සවය සිදුවුයේ ද, සිවාජිලිංගම් ප‍්‍රකාශ කරන එම හින්දුන්ගේ පූජනීය ස්ථානයක් වූ එම කෝවිල අසළය. එනම් යාපනය සෙන්ට‍්‍රල් කොලේජ් ග‍්‍රවුන්ඞ් හා දොරේඅප්පා කී‍්‍රඩාංගනයේය. යාපනය කොටුවේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා සෙබ`ඵන් අමු අමුවේ මරාදමා ඔවුන්ගේ සිරුරු දෙමළ ජනතාවට බැලීම සඳහා එල්.ටී.ටී.ඊ. ප‍්‍රදර්ශනයට තැබුවේ නාගවිහාරාධිපති හිමියන්ගේ ආදාහනෝත්සවය පැවැත් වූ ස්ථානයේය. ඒ අවස්ථා වලදී පරිසර දුෂණය හා මහජන පීඩාව වෙනුවෙන් උසාවි නියෝග ගන්නට සිවිල් කි‍්‍රයාකාරිකයින් කිසිවෙක් ගියේ නැත. මෙම හින්දු කෝවිල අසළ මේ සියලූ අපරාධ, ඝාතන සිදුවෙද්දී මළකඳන් ප‍්‍රදර්ශනය කරද්දී, ඒ අසළ වෙනත් ආදානෝත්සව සිදුවෙද්දී නිහ`ඩව සිටි සිවාජිලිංගම්ලා, සුරේෂ්ලා, ගජේද්‍රන්ලා, ශී‍්‍ර කාන්තන්ලා නාගවිහාරාධිහිමියන්ගේ ආදානෝත්සවයට උසාවි තහනම් නියෝග ඉල්ලූවේ ඇයි?
මෙයින් කියා පාන්නේ අන් කිසිවක් නොව වසර 40ක් යාපනයේ නාගවිහාරායේ වැඩ වාසය කළ අපවත්වී ආදාහනය වීමටත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට ඉඩ නොතැබීමේ අන්තවාදී, ජාතිවාදී බෙදුම්වාදී ප‍්‍රතිපත්තිය නොවේද? මොවුන්ගේ ඇති මානව විරෝධි සදාචාර විරෝධි දුෂ්ඨ විසකුරු බව පක්ෂ පාට ජාති ආගම් භේදයෙන් තොරව හෙළා දැකිය යුතු නොවේද?
– නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ