Colombo Today Local News

දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහය අද(28) පස්වරු එකට කොල්ලුපිටිය චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

රොනී ද මෙල් මහතා ඊයේ(27) රාත්‍රි අභාවප්‍රාප්ත වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය

මහජන ගෞරවය සඳහා හෙට(29) පස්වරු එක දක්වා දේහය එහි තැන්පත් කර තැබෙනු ඇති.

අනතුරුව හෙට පස්වරු එකට රිය පෙරහැරකින් දේහය රුහුණ විශ්වවිද්‍යාලයට රැගෙන යාමට නියමිතය.

අවසන් කටයුතු එහිදි සිදු කිරීමට සැලසුම් කර තිබේ.

අභාවප්‍රාප්ත වනවිට රොනී ද මෙල් මහාගේ වයස අවුරුදු 99 කි.

1977 වසරේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය ධුරයට පත් රොනී ද මෙල් මහතා 1988 වසර දක්වා එම ධුරයේ රැඳී සිටිමින් අයවැය 11 ක් ඉදිරිපත් කළේ ය.

ඔහු හැඳින්වෙන්නේ මෙරට නිදහස් ආර්ථික ක්‍රමය ඇති කිරීමට පුරෝගාමීවූ දේශපාලඥයෙකු ලෙසය.

Related posts

පක්‍ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි

colombotoday

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday

දඬුවම් දෙනවද, නැද්ද?… ගාලුමුවදොර ගිය මන්ත්‍රීන් නිසා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව බෙදෙයි…

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday